මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසනය ලංකාවට රැගෙන ඒමෙන් පසුව සාසනය බැබළුණු කාලවල් තිබුණා විවිධ කාලවල විවිධ හේතූන් මත සාසන පරිහානිය ද වුණා අවුරුදු දෙදහස් පන්සියයක් මේක පැවතීගෙන ආවේ රෝස මල් මතින් නම් නොවෙයි..
ඉන්දියාවෙන් ආව සංඝමිත්ත නම් මහායානික භික්ෂුවක් එවකට ලංකාවේ රජකල මහසෙන් රජුට හිතවත් වෙලා රාජ්‍ය අනුග්‍රහයෙන් ථේරවාදී ශාසනය විනාශ කලා. මහා විහාරයත් අබයගිරියත් බේද කලා.. රැවන්වැලි සෑ මලුව හාල උඳු වැපිරැව. ඒ අතර හින්ඳු බමුනන්ගේ බහට රැවටිලා භික්ෂූන් වහන්සේලා ගාථනය කලා
එකම භික්ෂූන් වහන්සේ කෙනෙක් වත් ලංකාවේ නැති වුණා ..පන්සිල් පද පහවත් දන්න භික්ෂුවක් හොයාගන්න නැතිවුණා .භික්ෂූන් වහන්සේ කෙනෙක් උපසම්පදා කරන්න තවත් උපසම්පදා භික්ෂූන් වහන්සේ කෙනෙක් ලංකාවේ නැති වුණා..කීර්ති ශී රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ සියම් දේශයෙන් භික්ෂුවක් වඩම්මලා මෙහෙ උපසම්පදාව ඇති කරා ..තව කට්ටියක් රාමඤ්ඤ දේශයෙන් භික්ෂුවක් වඩම්මලා උපසම්පදාව ඇති කරා ...දැන් ඔය නිකාය කියලා පැවතගෙන එන්නේ එව තමයි. එක කාලයක ලංකාවට නිගන්ට ආගම ආවා තව කාලයක මහායාන බුද්ධාගම රිංගුවා .ඒවා හැම විටම මෙහෙ කෑලි ඉතුරු කරලා තමයි ගියේ. .මහායාන බුද්ධාගමට අනුව සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පවා බුදු වෙනවා. සද්ධම්ම පුන්ඩරික සූත්‍රය ලංකාවතාර සූත්‍රය වැනි සූත්‍ර දේශනා නිර්මාණය කළේ ඒවා රැක ගන්නයි.ගෞතම බුදුරජාණන් වහන්සේ කිසිම දිනක අනාගතය වන්දනා කරන්න කියලා නැහැ ..පිරිනිවන් මඤ්චකයේ කිව්වෙත් ප්‍රමාද වෙන්න එපා කියලයි .ඒත් මහායාන කාරයෝ අනාගතයේ පහල වෙන බුදුන් වන්දනා කරන්න ගාථා හැදුවා . .පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා කියලා දැන් ඔය වදින්නේ ඒ යුගයේ හදපු ගාථාවල් තමයි.
සමහර රජවරු ඉන්දියාවෙන් ගෑනු ගෙනල්ලා උන්ගේ කීමට මෙහේ බුද්ධ ශාසනය නැත්තටම නැති කලා ..කාලිංග මාඝ ආක්රමණයත් එක්ක ලංකාවේ සම්පූර්ණයෙන්ම තිබුනෙ හින්දු ආගම .. රාජ්‍ය බලය යොදවල සියලුම හාමුදුරුවරු මරලා හින්දු ආගම අදහන්න බල කරා … රාජ්‍ය අනුග්‍රහයෙන් උන්ගේ හින්දු අවුරුද්ද සමරන්න සිංහලයන්ට සිදුවුණා.
ඒ කාලය වෙනකොට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම හින්දු ...නැවත බුද්ධශාසනය හිස එස වූවත් හින්දු ආගමේ චාරිත්‍ර සමග තමයි නැගිටින්න උනේ ...ඉතිං දැනට අපි අදහන බුද්ධශාසනයේ 50% හින්දු ආගමේ චාරිත්‍ර තමයි තියෙන්නේ ...ඒත් අපි හිතන් ඉන්නේ ඉන්නේ ඒවා බෞද්ධ චාරිත්‍ර කියලා ...මේ මිත්‍යා දිට්ඨික හිංදු චාරිත්‍ර ඇගයීම් නිසා බෞද්ධයා නිරයේ උපදින කර්ම කරගන්නවා ..
බුදුරජාණන් වහන්සේ ඉන්නකාලෙ හිටපු ෂට්ශාස්තෘවරුන් ගෙන් පැවත ආපු ධර්මයේ එකතුවක් තමයි හින්දු ආගමේ තියෙන්නේ.
සංජය බෙල්ලට්ඨි පුත්තගෙ ගෝලයෙක් උන උපතිස්ස තරැනයා හෙවත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ අස්සජී මහ රහතන් වහන්සේගෙන් ඇසුන පලවෙනි බන පදයෙදීම සංජය බෙල්ලට්ඨි පුත්තව අතහැරිය.
අපි කොපමන ඒ ගාථා ඇහුවත් අපට තවමත් සංජය බෙල්ලට්ඨි පුත්තව අත හරින්න බැහැ...
ඒ නිසා අපි තවමත් බුදු රජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බෝධි මූලයේ අදහන්නෙ සංජය බෙල්ලට්ඨි පුත්තගෙන් පැවත එන මිත්‍යා දිට්ඨික හිංදු ආගමයි. සංජය බෙල්ලට්ඨි පුත්තගෙ ගිරග්ග සමජ්ජ හෙවත් ග්‍රහයො සැමරීම අපි අද නමට බෞද්ධ වේෂයෙන් කරනව.
පාලි භාෂාව convert වෙලා තමයි හින්දි භාෂාව හැදුනේ ...අද ලෝකයේ පවතින ආගම් අතරින් වැඩිම මිත්‍යා දිට්ඨික අදහන ආගම හින්දු…ඉන්දියාවට ගියා නම් බලාගන්න පුළුවන් උන්ගේ විකාර ..
ඔබත් ආකාරවතී සද්ධාව ට පැමිණුන තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් අදහා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පමණයි .. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කර්මය විපාක දෙන්න නම් චේතනාවක් පහළ කරලා කරුමයක් කරන්න ඕන කියලයි . චේතනාහං භික්ඛවේ කම්මං වදාමි ..ඒකයි බුදු වදන ...චේතනාවක් පහළ කරල කරන කිසිම කර්මයක් විපාක නොදී අවසන් වෙන්නේ නෑ .
ඒත් ඒ කාලයේ හිටපු අනිත් ශාස්තෘවරු දේශනා කළේ කර්ම විපාකය දෙන්නේ චේතනාවෙන් නොවේ අහසේ තියෙන තරු උපන් වෙලාව අනුව පාපි උනහම කියලා …ඒ ග්‍රහලෝක වලට පූජාවල් කලාම ඒ පාපී බවෙන් මිදෙන මාර්ගයත් එයාලම පෙන්නල දුන්න ඒක තමයි දැන් නවග්‍රහ පුජාව කියන්නෙ..
හින්දු ආගමේ ආභාෂය නිසා ඒවට හරියන්න පිරිත් පවා ලියවිලා තියනවා අදත් ඔය පරිත්තානුභාවයෙන් ග්‍රහ දෝෂ නිවාරණය කර ගන්න හදන්නෙ එකයි ..තව බොහෝ පිරිත් කොටස් හින්දු ආගමේ උවමනාවට ලියවිච්ච ඒව තියෙනවා ..හින්දු ආගම මේ රටෙන් ගියත් ඒකෙ හෙවනැලි මෙහෙ තියලයි ගියේ ...
සතියක් රතන සූත්‍රය කියලා ඔය බොරුව එකපාරක් කියපුවහම අර සතියම කියපු ඒවගෙන් වැඩක් නෑ .. පාපග්රහ නිවාරණන් පරිත්තස්සානු භාවේන කියන බොරුවට රතන සූත්‍රයෙ කියන සියලුම සත්‍ය යට වෙනවා ..ඊට පස්සේ කියන්නෙ කෝ ඉතිං පිරිත් කිව්වත් වැඩක් නෑනේ කියලා..
මැරුණම ගෑනු හැත්තෑ දෙකක් ලැබෙනවා කිව්වම අපි උන්ට හිනා වෙනවා , කන්න නැකතක් තියෙනවා කිව්වම උන් අපිට හිනා වෙනවා .
නාන්න නැකතක් තියෙනවා කියලා නොනා ඉන්න බෞද්ධයෝ ඉන්න රටක් මේක.. .. කන්න නැකතක් තියෙනවා කියලා නැකත එනකම් කන්නේ නැතුව ඉන්න බෞද්ධයෝ ඉන්න රටක් මේක …
ප්‍රඥාවට අගතැන් පත් සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනුවට අලි ඔලුවක් තියෙන මිත්‍යා දිට්ඨික පෙරේතයෙක් සරණ යනවා ..අපේ වැඩිහිටියො අපිව රැවැට්ටුවා නුවණට අධිපති ඒක කියලා..ඉතිං අපි පරම්පරාවෙන් පරම්පරාවට රැවටුනා ... මේ මිත්‍යා දිට්ඨිය ඇදහීම නිසා බෞද්ධයෝ නිරයේ සහ තිරිසන් ලෝකයේ උපදින කර්ම විපාක හදා ගන්නවා...පන්සලේ හාමුදුරුවෝ හින්දු ආගමේ මිත්‍යා දිෂ්ටික නැකතට හිසතෙල් ගාලා නිරයේ උපදින්න කර්ම කරගන්නවා ...
උපාසක අම්මලා සිල් ගන්න ගියත්, මස් මාලු නොකා ඉන්න එකත් සීලයක් ,කියන සීල ව්‍රතය සමාදන් වෙනවා... නිවන් දකින්න යන ගමනේ ඉස්සෙල්ලම ප්රහාණය කරන්න උත්සාහ කරන්න ඕන සක්කාය දිට්ඨි ,විචිකිච්ඡා ,සීලබ්බත පරාමාස. ප්‍රහානය කරන්න උත්සාහ කරන එකයි ..
ටිකක් අදහා ගත්තත්, ගොඩක් අදහා ගත්තත් ,මිත්‍යා දිට්ඨියට විපාක සමානයි ..දස අකුසල්වල බලවත්ම අකුසලය මිත්‍යා දිට්ඨිය යි ..අවිජ්ජා පච්චයා සංඛාරා..අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාර හැදෙනවා..ඉතිං ඔහොම හැදි හැදී අපි සසර ගමන යනවා ..මේ සසර හැදිලා තියෙන්නේ පැවැත්මට මිසක් නැවැත්මට නොවෙයි...නවත්ත ගන්න ඕන නම් පළමුව කළ යුත්තේ මිත්‍යා දිට්ඨිය ඇදහීම අත් හැරීමයි ..
බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නෙ සත්‍ය පමණයි ...හැම පිරිතක් ම අවසාන වෙන්නේ ඒතේන සච්චේන සුවත්ථි හොතු කියලා ..ඒත් දැන් සමහර අය පිරිත් වලට ඝන පිහිටුවනවා ...ඒක හින්දු ආගමේ ක්‍රමයක් ….සංසාර සාරෝග යනුවෙන් හින්දු ආගමේ සං ගණය පිහිටුවල කවි තියෙනවා ...මේවා බුද්ධ දේශනාවට අදාල දේවල් නොවෙයි ...ඒත් පරම්පරා ගණනාවක් අදහගෙන ආපු නිසා අපට හිතෙන්නෙම ඒක අපේ දෙයක් වගේ ...බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ නමයට ම අපහාස කරලා කවි කියනවා …
අරහං බුදු ගුණෙන් මගේ හදේ අපල දුරු වේවා කියලා හින්දු ආගම ප්‍රමෝට් කරනවා ඔය කවි පන්තියේ කිසිම තැනක බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා කියන්නෙ නෑ ..බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ ඒ බෝධිය මුල ඉඳගෙනම බුදුගුණ වලට අපහාස කරනවා ….
ඒ කාලේ හින්දු ආගම රැකුණේ බුද්ධාගමේ පිහිටෙන් ,,දැන් බුද්ධාගම රැකෙන්නේ හින්දු ආගමේ පිහිටෙන්..හින්දු ආගමේ අදහන මිත්‍යා දිට්ඨික අමනුෂ්‍යයෝ දැන් පන්සල්වල පිරිලා ..
ඇත්තටම ආකාරවතී සද්ධාව ට පැමිණුන කෙනෙක් නම් අදහා ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය පමණයි ..වෙනත් ශාස්තෘවරයෙක් සරණ යන්න බැහැ …
ඉතින් ඔබත් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් ද ….ඔබ ඔබෙන්ම විමසා බලන්න ..
නමෝ බුද්ධාය .