Monday, 12 October 2020

දෙවියන් හඳුනාගනිමු

 බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය හිරැ එලියට උපමා කලොත් මිත්‍යාදිඨික හිංදු ආගම කනා මැදිරි එලියට සමානයි.. ඒත් අපේ නමට බෞද්ධයො හිරැ පායා ඇති විටත් කනා මැදිරි එලිය පස්සෙන් යාම ඉතාම ශෝචනීයයි.. සුගතියේ ඉපදීම නම් දෙවියන් අතර ඉපදීමයි.. තෙරුවන් සරණගිය බෞද්ධයා නිතරකල යුත්තේ දේවානුස්සතිය වැඩීමයි.. මනුලොවේදී මාර්ග පල ලැබීමට පින මදි අය එකලත් දෙව්ලොව උපදින්න තෙරැවන් සරණ යැව්වා..... ඡත්ත මානවක සෝතාපන්න උනේ දෙවියන් අතර ඉපදීමෙන පසුවයි...

 තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා දේවානුස්සතිය වැඩීම නිසා මරණයෙන් පසු දෙවියන් අතර උපදිනවා..  ඒ වගේම අමනුෂ්‍යයන් සරණ ගිය අය මරණයෙන් පසු ප්‍රේත සහ අසුර ලෝකවල උපදිනව..  දෙවියන් ඉන්නෙ දිව්‍යලෝකවල බව බෝහෝ දෙනා දන්නෙ නැහැ.. එයාල හිතන් ඉන්නෙ හින්දු ආගමේ මිත්‍යා විශ්වාසවල එන අමනුෂ්‍යයන් දෙවියන් කියලයි. .. 

                     පංසල් ඇතුලෙ පිලිම හදාගෙන ඉන්න සූනියම් දෙවියොත් විමාන ප්‍රේතයෙක්...නහයෙන් කටින් එන නයි ඇද ඇද එයා  ලෝකය පුරා දුවනව.. ඒ කර්ම විපාකය ලැබුනෙ බුදුරජාණන් වහන්සේට  කල  තර්ජනයකට.. ඒක තියනව රතන සූත්‍ර අටුවාවෙ.. ඒ වගේම පත්තිනි කියන්නෙත් හිංදු මිත්‍ය විශ්වාසයක්  මිස තෙරැවන් සරණ ගිය ශ්‍රාවකයකු නොවෙයි....

                           අපේ වැඩිහිටියො පොඩි කාළෙම අපිව රැවැට්ටුව නුවනට අධිපති ඝන දෙවියො කියල.. ඉතින් අපි බුද්ධ ශාසනයේ ප්‍රඥාවට අධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ වෙනුවට මිත්‍යා දිට්ඨික හින්දු ආගමේ උගන්වන අලි ඔලුවක් සරණ ගියා.. කවදාවත් දෙවිවරැන්ට තිරිසන් ඔලු පිහිටන්නෙ නැහැ.. ඛුද්ධක නිකාය ප්‍රේත වත්තුවල තිරිසන් ඔලු තියන ප්‍රේතයො ඕන තරම්.. ඔය කියන ඝන දෙවියොත් අයිති වෙන්නෙ ප්‍රේත ලෝකයට..කාලයත් එක්ක බුද්ධ ශාසනය මිනිසුන්ගෙන් දුරස්වෙලා  හින්දු ආගම රින්ගුවට පස්සෙ තමයි මේ විනාශය උනේ...

    ඔබත් තෙරැවන් සරණ ගිය බෞද්ධයෙක් නම් ප්‍රේතලෝක වලට හිත පිහිටුවා ගන්න එපා.. සම්මා දිට්ඨික දෙවියන් අතර උපදින්න සිත පිහිටුවා ගන්න.. චාතූර්මහා රාජිකය,, තාවතිංසය,, යාමය,, තුසිතය,, නිම්මාන රතිය,, පරනිම්මිත වසවර්තිය, යන සදෙව් ලොව දෙවියන්ව පිනට හවුල් කර ගන්න.. 

තෙරැවන් සරණයි, නමෝ බුද්ධාය....