බුදු රජාණන් වහන්සේගේ පලමු ශ්‍රාවකයා ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අධ්‍යාත්මිකව පැමිනි පලමු තැනැත්තාය. එම නිසා සෝත හෙවත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිනි තැනැත්තා යන අර්ථයෙන් ඔහුට සෝතාපන්න යයි කියනු ලැබේ.
සෝතාපන්න ශ්‍රාවකයාට කාම උපාදාන තිබේ. එහෙත් ඔහුට කාම උපාදානයේ ආශ්වාදය පමනක් නොව ආදීනවයද හඳුනා ගත හැකිය. නිස්සරණය හෙවත්කාමයන් කෙරෙහි ඇති ඡන්දරාගය දුරැ කර ගැණීමෙන් ලබන සැනසීමද ඔහු යාන්තමින් තේරැම් ගෙන තිබේ. එමෙන්ම සෝතාපන්න ශ්‍රාවකයා තුල දිට්ඨි උපාදාන නැත. සීලබ්බත උපාදාන නැත. විසි ආකාරවූ ආත්ම දෘෂ්ටිය හෙවත් සක්කාය දිට්ඨිය ද නැත..
එහෙත් මමය මාගේය මාගේ ආත්මය යන මුල් බැස ගත් මතය වරදක් බවත් අසත්‍යයක් බවත් ඔහු දනී..හේතූන් නිසා හට ගන්නා යම් දෙයක් ඇත්ද ඒ සියල්ලම හේතු නැති වීමෙන් නැතිවී යන ධර්මතාවයෙන් යුක්තයයි තමා තුලින්ම ඇතිවූ අවබෝධයෙන් දනී..(යං කිංචි සමුදය ධම්මං-සබ්බං තං නිරෝධ ධම්මං)
සෝතාපන්න ශ්‍රාවකයා. කාමයට බැඳීයාම තිබෙන නිසා කාමභෝගීව අඹු දරැවන්ගේ කටයුතු ද කරමින් දැහැමින් සැනසිල්ලේ කල් ගෙවයි..දිට්ඨි උපාදාන,සීලබ්බත උපාදාන හා විසි ආකාර සක්කාය දිට්ඨිය ද ප්‍රහානය වීම නිසා අපාය ගාමී කර්මයන් ප්‍රහානය වී ඇත.
නිරයේ හෝ තිරිසන් ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ අසුර ලෝකයේ ඉපදීම පිනිස කර්ම සකස් නොවේ. ඒ නිසා සෝතාපන්න ශ්‍රාවකයා සතර අපායේ ඉපදීමෙන් සදහටම නිදහස් වන්නේය.
එමෙන්ම භව හතක් ඇතුලත අනිවාර්යයෙන්ම මාර්ග ඵල අවබෝධ කොට මේ සසර ගමන නවත් වන්නේය....ඔහු කොතරම් ප්‍රමාද උවත් අටවන භවයකට නොයන්නේය.
නතේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි ධම්මේ රතනං පනීතං...
නමෝ බුද්ධාය