Saturday, 15 February 2014

කිරි අම්මා දානය හෙවත් පත්තිනි දේව ඇදහිල්ල

          පත්තිනි මෑණියන්ට, සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිණි යන සත් පත්තිනි යනුවෙන් ව්‍යවහාර කෙරෙන අතර අම්මාවරු 07 ක්‌ මීට සහභාගි කරගනු ලැබේ.
මෙම දානය සඳහා කිරිබත්, කිරි අළුවා කිරිකැඳ, කිරි ඉතිරවීම් වැනි  ක්‍රියා කිරිදෙන අම්මාවරුන් පිරිසක්‌ ඉදිරියේ පුදනු ලබයි.
නිවසේ ප්‍රධාන දායිකාව දෙවියන් උදෙසා තැබූ ආසනය ඉදිරියේ දෙදන බිම තබා වැඳගෙන දෙවියන්ට ආරාධනා කළ යුත්තේය. ආරාධනාව මෙසේය (- ශ්‍රී සිද්ධ පත්තිනි දේව මෑණියනි, ඔබ වහන්සේ ඇතුළු කිරි අම්මාවරු 07 දෙනකු ඉදිරියේ ඉතා ප්‍රනීතව පිරිසිදුව සකස්‌ කරන ලද කැවුම්, කිරිබත් කෙසෙල් ආදියෙන් හා කපුරු සහිත සුවඳ දැහැත් විටද, පඬුරුද ඉතා ගෞරවයෙන් පිළිගන්වන ලද මෙම දානය පිළිගෙන අප පවුලට යම් ඇස්‌වහක්‌, කටවහක්‌, අතුරු අන්ත්‍රාවක්‌, රෝග ව්‍යසනයක්‌ යෙදී ඇත්නම් ඉදිරියට යෙදෙන්නට ඇත්නම් එකී නොකී සියලු දුක්‌ඛ දෝමනස්‌සයන්, දුරින්ම දුරුකරවා සිරිසෙත ළඟා කර දෙන සේක්‌වා.

ඊට පසු දාන පිළිගැනීම සහ යාදින්නද කළ යුතු වන්නේය. යාදින්න කියවීමෙන් පසු තමන් වෙත පිළිගැන්වූ දානය කිරි අම්මාරුන් විසින් වැළඳීම සිදු කෙරෙයි. දානය වළඳා අවසන්වීමෙන් පසු කිරි අම්මාවරුන් ඉදිරියේ දල්වා ඇති පහන්වල පහන් වැටි දෙකින් එක බැගින් එක්‌ එක්‌ කිරිඅම්මා වරුන් විසින් ගෙන තමන්ගේ අසුනින් නැගිට දේව ආසනයට නමස්‌කාර කර, පහන් වැටියේ ඇති තෙල් ඇඟිලි තුඩින් ගෙන නිවසේ සියලු දෙනාගේම හිසේ ආලේප කරමින් පහත සඳහන් ගාථාව කියවිය යුතු වන්නේය.

"යං දුන්නි මිත්තං, අවමංගලංච, යොවා මනා සො සකුණස්‌ස සද්දෝ, පාපග්ග හෝ දුස්‌ සුපිනං අකන්තං බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන, දේවානු භාවේන විනාසමෙත්තු.


පත්තිනි අම්මා ඇදහිල්ල බුද්ධ ශාසනයට අයත් දෙයක් නොවේ. එය සම්පූර්නයෙන්ම හින්දු ආගමික මිත්‍යා විශ්වාසයකි. දැන් ඒවාට බෞද්ධ වේශයක් ලබා දී තිබෙන නිසා ඒකත් අපේම දෙයක් වගේ පේනව. මිත්‍යා විශ්වාස කොහොම අදහා ගත්තත් කාම ලෝකයේ විපාක දෙන කර්ම ඒකෙන් සකස් වෙනව.

    කිරි අම්මා දානය දීමේදී නොකරම බැරිනම් පමනක් කරන්න. මොකද එතනදි නොදැනුවත්වම සිද්ධ වෙන්නෙ අකුසලයක්. ඒක මිත්‍යා දිට්ඨික දාන ගොඩටයි වැටෙන්නෙ.බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ බුද්ධශාසනයෙන් බාහිරව දන් දෙන තැනැත්තා උපාසක  චන්ඩාලයකු වන බවයි. 

   පුලුවන්නම් ඔය කිරි අම්මලා ටිකම සිල් සමාදන් කරවල උපාසක දානයක් දෙන්න ඒක මහත් ඵලයි මහානිශංසයි..

        නමෝ බුද්ධාය..