ජ්‍යෝතිෂ්‍ය සහ බුදුදහම එකක් නො ව දෙකක් බව පළමු ව කිව යුතු ය. බොහෝ ගිහි උදවිය මෙන් ම පැවිදි පිරිස ද, මේ දෙක එකට සංකලනය කර එක්
ධර්මයක් බව ට පත්කිරීම ට වෙරදරන බවක් පෙනෙන්නට තිබේ. හඳහන් බැලීම, නැකත්,
බැලීම ආදී නො මනා ක්‍රියා භික්ෂුන් වහන්සේ නමක් කිසිසේත් නො කළ යුතු බවට
දීඝ නිකායේ සාමඤ්ඤඵල සුත්‍රයේ (97 වන පිටුව) දේශනා කර ඇත. එ සේ තිබියදී ත් තම ජීවන
වෘත්තීය වශයෙන් අතිවිශාල ප්‍රචාරණයන් ලබා දෙමින් බුද්ධ ශාසනය ගැන
තුට්ටුවකටවත් මායිම් නො කරන පැවිදි පිරිසක් ද, වෙති. බෝධිපූජා පැවැත්වීමට,
දානමාන දීමට පවා නැකත් බලන තත්වයකට අද සමාජය පත් වී තිබේ.
බුදුදහමේ කර්ම සංකල්පය තුළ සත්වයා ට කර්මය තරම් බලපානා කිසිවක් නොමැති බව
දක්වා තිබේ. (චූල කම්ම විභංග සූත්‍රය) එ මෙන් ම නියාම ධර්ම සහ
ගති, උපධි ආදී සම්පත්තියන් සහ විපත්තියන් ද, සත්වයා කෙරෙහි බලපානා බව දේශනා
කර ඇත. නමුත් ග්‍රහ තාරකාදිය සත්වයා කෙරෙහිඉතා සුළු ආකාරයෙන් හෝ බලපානා
බවක් බුදුදහමේ කොතැනක වත් සඳහන් වන්නේ නැත.
ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් බැහැර කරන්නේ ඇයි?
බුදුදහමෙන් ජ්‍යෝතිෂ්‍යය සම්පූර්ණයෙන් ම බැහැර කරණු ලබයි. එ පමණක් නො ව
ජ්‍යෝතිෂ්‍යයේ කිසිඳු ගතයුතු හරයක් නොමැති බව ද, බුදුරජාණන් වහන්සේ දේශනා
කර තිබේ. එ ම දේශනාව සඳහන් වන්නේ සුත්‍ර පිටකයේ, ඛුද්දක නිකායේ,
ජාතකපාළියේ, පඨම භාගයේ, නමවන නක්ඛත්ත ජාතකයේ ය.
"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"
අර්ථය නැකත් බලන අඥානයා ඉක්ම ය යි. අභිනිෂ්ට ප්‍රතිඵල ලාභය හෙවත්
බලාපොරොත්තුවන ප්‍රතිඵලය ලැබීම ම නැකත වේ. තාරකාවෝ කවර නම් අර්ථයක් යොදත්
ද? නො යොදත් ම ය.
මෙ හි පැහැදිලි ලෙස ම ග්‍රහ තාරකාදිය මගින් කිසිඳු
බලපෑමක් සත්වයා ට හෝ සත්ව සන්තානවලට නො කළ හැකි බව දේශනා කර ඇත. එ බැවින්
ග්‍රහ තාරකා ආදියෙන් ගොඩනැගී ඇති සියලු ධර්මයන් මේ අනුව බුදුදහමේ මුළුමනින්
ම ප්‍රතික්ෂේප කර ඇත.
බොහෝ විට
ඔය ජෝතිෂ්‍ය වේදීන් කියන දේ ගැන කල්පනා කළොත් "ඔබ වෙනදට වඩා මහන්සි වුනොත්
අද දවසේ රැකියාවෙන් ඔබට සාර්ථකත්වයක් ලැබෙනවා. ඉගැනීම් කටයුතු සාර්ථක
වෙනවා" කියලයි කියන්නේ. ඔය වගේ දේවල් තමයි ගොඩක් කියන්නේ. ඕවා කියන්නත්
දේවල් ද? වෙනදට වඩා උත්සහවන්ත වුනොත් ඕනෑ ම දෙයක් වෙනදට වඩා සාර්ථක වෙන බව
කියන්නත් දෙයක් ද? හිතලා බලන්න.
සත්වයා කර්මය ම ඇසුරුකොට කර්මය ම
ආහාරකොට ඇති බව ත් බුද්ධ දේශනාවේ සඳහන්. ඊට අමතර ව උතු, බීජ ආදී නියාමයන්
බලපාන බවත් දේශනා කර ඇත. ඊට ත් අමතර ව ඔය කියන ජෝතිෂ්‍යය, අත්ලේ රේකා,
තාරකා මිනිස්සුන් ගේ කර්මයට බලපාන බව සඳහන් වෙන්නේ කොතන ද?
මිසදිටු බව අතහරින්න.
බුදුදහමේ අමුලිකා ශ්‍රද්ධාව සහ අකාරවතී ශ්‍රද්ධාව ලෙසින් ශ්‍රද්ධාව කොටස්
දෙකකි. කරුණු තේරුම් නො ගෙන කිසිඳු විමසා බැලීමකින් තොර ව ගතානුගතික ව සරණ
යාම අමුලිකා ශ්‍රද්ධාව යි. කරුණු තේරුම් ගෙන, විමසා බලා කටයුතු කිරීම
අකාරවතී ශ්‍රද්ධාව යි. පන්සලක් දුටු පමණින්, බෝධියක්, බුදුරුවක් දුටු
පමණින් හුනස්නෙන් නැගිටීමෙන් වැඳීමෙන් ම බෞද්ධයෙක් වීම නියම ප්‍රතිඵලය ලද
හැකි ද? බුදුදහම පිළිගන්නා අතර ම බුදුදහමේ ප්‍රතික්ෂේපිත ජ්‍යෝතිෂ්‍ය,
නැකත් ආදී දේ අනුව කටයුතු කිරීම, ඒවා පිළිගැනීම ත්‍රිවිධ රත්නය ට කරන
ගැරහීමක්, සමච්චලයක් නො වේ ද? මෙ හි දී අප බෞද්ධ කර්ම සංකල්පය කුමක් ද, එ
හි විශේෂතා මොනවා ද? ජ්‍යෝතිෂ්‍ය බුදුදහමෙන් ප්‍රතික්ෂේප වන්නේ ඇයි? යන
කරුණු ක්‍රමානුකුල ව පෙළගස්වා විවරණය කරන්නට යෙදුනි. මෙ ම කරුණු විමසා බලා
තවදුරටත් ඔබ ජ්‍යෝතිෂ්‍ය නම් වූ මහා මිථ්‍යාව සරණ යන්නේ ද, නැතහොත් නිර්මල
බුදුදහම සරණ යන්නේ ද, යන්න තීරණය කරන්න. එය අපට කළ හැක්කක් නො වේ. තමන් ම
තේරුම් ගත යුතු දෙයකි.
මේ මිත්‍යාවල් බුදු දහමට රිංගුවට පස්සෙ මේවාට බෞද්ධ වේශයක් ආරෑඩ කරන්න අපේ රටේ වැඩ සිටිය නැකැත් කේන්දරම සරණ ගිය අතීත කථාන්දර වල එන ස්වාමීන් වහන්සේලා මුලිකත්වයක් ගෙන තියන බව පේනව. පොල් හිටවපු නැකත් ගැන බොරැ කතන්දර අපේ ඉතිහාසයට එකතු කල යුගයක් තිබුන.
නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්‍රහ නිවාරනං......
සබ්බීති රෝග ග්‍රහදෝස.....
පාපග්ගහෝ දුස්සු පිනං අකන්තු....
මේවගේ පිරිත්, පිරිත් පොතට එකතු කරන්න ඇත්තෙ ජෝතිෂයට බුදු දහම ගලපගන්නයි.
කවුරැන් හෝ හාමුදුරැ නමක් සිවුරැ දරාගෙන නැකැත් හදනව නම් කේන්දර බලනව නම් ඔහු බුද්ධ ශාසනයට අයත් ශ්‍රාවකයකු නොවන බව සාමඤ්ඥඵල සූත්‍රයේදී බුදු රජාණන් වහනසේ විසින්ම දේශනා කලා. මේ වගේ තමන්ට හිතෙන විදියට ධර්මය ගලපන්න ඇත්තෙ ඒ වගේ අයයි.
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලයන්ට අයත්වූ ස්වාමීන් වහන්සේලා පමනක් බුදු රජාණන් වහනසේගේ ශ්‍රාවකයන් වෙයි.
බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මය එකකට එකක් ගැලෙපෙනව. ආදි කල්‍යානං මඡ්ඡේ කල්‍යානං පරියෝසාන කල්‍යානං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං වශයෙන් පිරිසිදු නිවන් මගටම යොමු කල පැහැදිලි ධර්මයක්. ධර්මය එසේ තිබයදීත් අලුතින් එකතු කල සමහර පිරිත් කොටස් පිරිසිදු බුද්ධ දේශනා සමග ගලපන්න බැහැ..
දැං මේවා බුද්ධ දේශනාවෙන් වෙන් කරන එක දියෙන් කිරි වෙන් කරනවටත් වඩා අමාරැයි.
ඉතින් මඳක් සිතා බලන්න...බුදු රජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කල දෙයකින් පරිත්තස්සානුභාවයෙන් සෙත් පැතුවට සෙත් වෙයිද.....
තෙරුවන් සරණ යි!