Saturday, 13 April 2013

අප්රේල් 14 යථාර්තය

            විජය කුමරුන් බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ වෙසක් පුන් පෝ දා ලක් දිවට පැමිනීමෙන් සිංහල ජාතියේ අරම්භය සිදු උනා.ජය ශ්‍රී මහා බෝ සමිදුන් රෝපනය කලෙ වෙසක් පුන් පෝය දවසෙ.දේවානම්පියතිස්ස රජු ලංකා දීපය ජය ශ්‍රී මහා බෝ සමිදුට,බුදු රජාණන් වහන්සේට පූජා කලේ වෙසක් පුන් පෝය දවසෙ. දෙවන පෑ තිස් රජු ඔටුනු පැළදීමෙ උත්සවය කලේ වෙසක් පුන් පෝය දවසෙ.දුටු ගැමුනු රජතුමා රුවන්වැලි මහ සෑය හදල ධාතු නිධාන උත්සවය කලේ වෙසක් පුන් පෝය දවසෙ.සිංහල රජ දරුවන් පෙර දවසේ පෙනී සිටියේ ගෞතම බුද්ධ ශාසනයේ ආරක්ශකයින් ලෙසයි.සිංහලයගෙ ජාතික දිනයත්, නිදහස් දිනයත් ,අවුරුද්දත් ,අභිමානයත් සියල්ල සැමරුනේ වෙසක් පුන් පෝය දවසටයි.
      අවුරුදු ගානක් ඇවෑමෙන් ගෞතම ශාසනය නැති වෙලා මාර රාජ්‍ය බිහි වුනා.ගෞතම ශාසනය ධර්ම රාජ්‍යයයි.එයට ප්‍රති විරුද්ධ දෙය මාර රජ්‍යයයි.ඊට පස්සේ ගෞතම බුද්ධ ශාසනය සහ බෞද්ධයින් සංහාරය කලා ඉන්දියාව.හින්දු බලය ඉස්මතු කලා,ශිව ඇදහිල්ල දරුනු ලෙස කලා. ශිව කාලි අදහල ලේ ගොටු තබන අමනුශ්‍යයින්ගේ බලය පිහිටුවල ගෞතම ශාසනය විනාශ කලා.
   ඊට පස්සෙ රාමායනය කියවල රජවරු උමතුවෙන් වගේ මේ සංහාරය දිගටම කලා. වරින් වර ලංකාවට මේ ආපදාව ආව.නමුත් දුටු ගැමුණු රජතුමා,මහා විජයබාහු රජතුමා,මහා පරාක්‍රමබාහු රජතුමා ආදි රජවරු මේ රට බේර ගත්ත.දොළොස් වන සියවසේ (මීට අවුරුදු 900 කට විතර කලින්) පරාක්‍රමබාහු රජතුමා ලංකාව එක්සේසත් කරලා අවුරුදු තිහක්,තිස් පහක් වගේ පාලනය කරල ලංකාව සියල්ලෙන් සමෘධිමත් කලා.සියලු දෙනාම තෙරුවන් සරණ ගිහින් හිටියා.

මහාවංශයේ සඳහන් වෙනව කුමක්දෝ අපේ සසර අවාසනාවන්ත යුගයක් ආව.දරුණු පාලකයෙක් මිත්‍යා දෘෂ්ටික සේනාවක් සමග ගෞතම ශාසනය විනාශ කිරීමේ අපේක්‍ෂාවෙන් දඹකොළ පටුනට ගොඩ බැස්සා.ඒ තමයි කාළිංග මාඝ.ඉන්පසු වෙහෙර විහාර සියල්ල විනාශ කරගෙන ආව.
    ස්වර්ණමාළි මහා සෑය පස් කන්දක් වුනා,අභයගිරිය පස් කන්දක් වුනා,ජේතවනය පස් කන්දක් වුනා,සේල චෛත්‍ය,සේරුවිල,සෝමාවතිය,දීඝවාපිය මේ සියල්ල පස් කඳු වුනා.සිංහල බෞද්ධයින් සොය සොයා වැඩ කල හැකි සියලු දෙනාගෙ එක් අතක් හෝ කකුලක් කපල අතහැරියා.
     මහාවංශයේ සඳහන් වෙනවා සිංහලයන්ගෙ ඉතාම අවාසනාවන්ත යුගයක් කියල කාළිංග මාඝගෙ අවුරුදු විස්සත්, ඊට 'පස්සෙ පැමිණි මාඝ පරම්පරාවෙ අවුරුදු හැත්තෑ ගණන.මේ කාලය තුල ලක් වැසියන්ව මිසදුටු කළා කියළ සඳහන් වෙනව.එදා කාළිංග මාඝ අපේ අවුරුදු දිනය නැති කළා.අපේ තිබුන අවුරුදු දිනය වුනේ වෙසක් පුන් පෝය දවස.ඒක නැති කරල කාළිංග මාඝ කිවුව සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දෙමළ අවුරුද්ද අප්‍රේල් 14, ඒක රාජ්‍ය බලය යොදවල සිංහලයන්ට කිවුව "මේක තමා උඹලගෙ අවුරුද්දත් සමරපන්" කියල.
     එදා සිට සිංහලයො ඒක සමරනව අච්චාරු හදාගෙන,කැවුම් බැදගෙන සමරන්නෙ ජාතිය විනාශ කළ දිනය.ඒකට බුද්ධාගම යන්තම්වත් සම්බන්ද නෑ.වෙහෙර විහාර වලට නියෝග කලා මේ අවුරුද්ද සමරපන් කියල. භික්ෂූන් වහන්සේලාට සිදු වුනා හින්දු ආධිපත්‍යයට යටත් වෙන්නට.
ඒක නැවත ඉස්මතු කළා රාජසිංහ රජු අරිට්ටකීවෙන්ඩුට සිරීපාදෙ බාර දීල.දැන් අදහන්නේ ඒක මිසක් ගෞතම බුදුරජාණන් වහන්සේගෙ යුගය නොවේ.
     දැන් මහා ලොකුවට සමරන්නෙ අපේ ජාතිය විනාශ කරළ කාළිංග මාඝ විසින් බලෙන් අපට දීපු දෙමළ අවුරුද්දයි.මෙවැනි අවාසනාවක් අපට තිබෙන බව බොහෝ දෙනෙකු දන්නෙ නෑ.වටිනාකමක් හිතාගෙන එය සමරනව. 
 නමෝ බුද්ධාය
 
(පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ සිදු කළ දේශනයක් ඇසුරිනි)